කෑලි එකතු කරලා සභා පිහිටුවීම සදාචාර නෑ - ටිලිවින් කියයි

Report

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසන්නේ බහුතර බලය සහිතව ජාතික ජන බලවේගය දිනා ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට විපක්ෂය බාධා කරන්නේ නම් එම පක්ෂයට ද බාධා කිරීමට සිදුවනු ඇති බවයි.

එම නිසා ජනතා මතය අනුව එම සභාවල බලය පිහිටුවීමට බාධා නොකරන ලෙස තමා ඉල්ලා සිටින බව ද ලේකම්වරයා පැවසීය.

පළාත් පාලන මැතිවරණයෙන් පසු වැඩි ම ජයක් ලබා ගත්තේ ජාතික ජනබලවේගය බවත් ඒ අනුව පළාත් සභා 267 ක් දිනා ඇති අතර 120 ක් කිසිදු ගැටලුවකින් තොරව සභා පිහිටුවිය හැකි බව ත් ඔහු පෙන්වා දුන්නා.

සටන් විරාම අතරමැද මෝදී ජාතිය අමතයි...

සටන් විරාම අතරමැද මෝදී ජාතිය අමතයි...

පළාත් පාලන ආයතන 32ක් සඳහා පක්ෂ විපක්ෂ සමානව සභිකයන් තේරී පත්වී ඇති බවද ඔහු පැවසුවා.

ඔහු පැවසුවේ, ආණ්ඩුවට අවම සභා එකක් දෙකක් පිහිටුවිය නොහැකි තැන් වලද බලය පිහිටුවීමට අවශ්‍ය සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවත් කොළඹ ඇතුළු රට පුරා සභා බහුතරය ම පිහිටුවිය හැක්කේ ඒ අනුව ආණ්ඩුවට බවත් ය.

කොළඹ මහනගර සභාවේ බහුතරය ලබා ගැනීමට ආණ්ඩුවට අඩු වී ඇත්තේ සභිකයින් 11 දෙනෙකු වන අතර ස්වාධීන කණ්ඩායම් හා අනෙක් අය සමග ඒ ගැන සාකච්ඡා කර ඇති බව පැවසූ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දුන්නා.

කෑලි කෑලි එකතු කර සභා පිහිටුවීම සදාචාර නොවන බවත් ඒ අනුව සභා පිහිටුවීමේදී විපක්ෂය බාධා නොකර සිටින ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.

මෙරට අපනයන ආදායම ඉහලට

මෙරට අපනයන ආදායම ඉහලට