ගින්නකට මැදි වී, එක් අයෙක් ජීවිතක්ෂයට
By Kaushi
කොට්ටාව පොලිසිය වාර්තා කළේ කොට්ටාව විහාර මාවතේ නිවසක සිටි තරුණියක් ගින්නට හසුව මිය ගොස් ඇති බවයි.
මිය ගිය තරුණිය වයස අවුරුදු 19 ක තරුණියක් බව ද සඳහන්.
නිවසෙහි ගින්න හටගත් අවස්ථාවේ දී තරුණිය නිවසෙහි තනිව සිට තිබෙනවා.
අඳාළ නිවසෙහි කුලී පදනම මත මියගිය තරුණිය ඇතුළු පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු මාස අටක් පමණ කාලයක් පදිංචිව සිට ඇත.
ඊයේ (12) දින රාත්‍රී වෙසක් බැලීම සඳහා ඉන් තිදෙනෙකු පිටව ගොස් තිබෙනවා.
ඉන්පසු නිවසේ මෙම ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ නිවසේ නිදා සිටි තරුණිය ගින්නට හසු වී මෙසේ මියගොස් ඇති බව පොලීසිය මඟින් සිදු කළ මූලික විමර්ශනවලින් හෙළි වී ඇති බව වාර්තා වේ.
මිය ගිය තරුණිය ප්‍රදම්මණී ටුරංජා නැමැත්තියක්.