ගල්කිස්සෙ සිද්ධියේ සැකකරුවන් දැලේ

Report

ගල්කිස්සේ දී මාර්ගය පිරිසිදු කරමින් සිටි තරුණයකු පිටුපස පන්නා ගොස් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අඳාළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් වාර්තා කරන්නේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු බවයි.

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

ඔවුන් දෙදෙනා විදෙස් ගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවරාම එරට සිට සිදු කරන සැන්ඩෝ නැමැත්තාගේ ගෝලයන් බව ද සඳහන්.

පොලීසිය තවදුරටත් සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා එදින රැඳී සිටි ත්‍රීරෝද රිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

එසේම අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 32 යන වයස්වල පසුවන්නන්.

එමෙන්ම ඔවුන් දෙදෙනා ගල්කිස්ස හා දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද සඳහන්.

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

ඒ අනුව පසුගිය (5) දා සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ වයස අවුරුදු 19 ක තරුණයෙක්.

ඔහු ගල්කිස්ස නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවකු ලෙස කොන්ත්‍රාත් පදනම මත සේවය කර තිබෙනවා.

එසේම මිය ගිය ප්‍රවීන් නිසංක නැමති මෙම තරුණයා දෙහිවල ඕබන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද වාර්තා වේ.