දන්සල් වඳින්න යන්නෙ බලාගෙන
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බවයි.
එසේම තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වා ගෙන යාමට අවසර ලබාදුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කර සිටියා.
ඊයේ දිනයේ දිවයින පුරා වෙසක් පොහොය නිමිත්තෙන් දන්සල් රැසක් සංවිධානය කර තිබුණා.
එමෙන්ම දන්සල් සියල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක් වී ඇත.
එසේම අද දිනයේත් ස්ථාන රැසක දන්සල් පැවැත් වීමට සංවිධානය කර තිබෙනවා.
එම දන්සල් ද පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරන බවට එම සංගමයේ ලේකම් මුතුකුඩ මහතා වැඩිදුරටත් පවසයි.