කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයට.... පොලිසිය සනාථ කරයි

Report

සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 16 හැවිරිදි සිසුවිය බම්බලපිටිය පාසලේ අධ්‍යාපනය හදාරන සමයේ එම පාසලේ ගුරුවරයකුගෙන් ලිංගික අතවරයකට ලක්ව ඇතැයි අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

එම සැකකාර ගුරුවරයා මේ වන විට ඇප මත මුදා හැර ඇති අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කර ඇත.

මෙම සිසුවිය කොටහේනල ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයේදී අප්‍රේල් 29 වැනිදා එහි 6 වැනි මහලෙන් පැන සියදිවි නසාගෙන තිබිණි.

ඇයගේ පාසලේ ගුරුවරයකුගේ හා උපකාරක පන්ති ගුරුවරයකුගේ ක්‍රියා කලාපය තම දියණියගේ මරණයට බලපෑ බවට මවුපියන් චෝදනා කරන අතර සිසුවියගේ මරණයට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා මැයි 08 වැනිදා කොළඹ ස්ථාන 3කදී උද්ඝෝෂණ ද පැවැත්වින.

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

අදාල ගුරුවරයා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇත.