ඉපලෝගම අයට සූර් වෙන්න හදමින් සිටි එවා පොලිස් අත්අඩංගුවේ..
ඉපලෝගම පොලිස් වසමේ වේදිනිගම ප්‍රදේශයේ වගා බිමක ඉතා සූක්ෂමව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉපලෝගම පොලීසිය විසින් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
වගා බිමක ඉතා සූක්ෂම අයුරින් බැරල් 04 ක් වල දමා (භූගතව) මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර, ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිතුමන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (12) වැටලීම සිදු කර ඇති අතර, වෙසක් පෝය හේතුවෙන් ඊයේ (12), අද (13)හා හෙට (14) සුරා සැල් වසා තිබීම නිසා මෙම නීති විරෝධී මත් පැන් අලෙවියට සූදානම් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
භූගතව තිබූ බැරල් බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන පොලිස් නිළධාරීන් ගොඩ ගනු ලැබීය, එහිදී ගෝඩා මිලී ලීටර 820 000 , බැරල් 06 ක්, නීති විරෝධී මත්පැන් මිලි ලීටර 63 750 ක් සහිත බූලී 02, තඹ දඟර 02, ගෑස් ලිප් 02, සිලින්ඩර් 02 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඉපලෝගම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක TDSPK ජයතිලක මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත, පොලිස් සැරයන්වරුන් වන 2997 සුගත්, 57333 අනුර, 18112 බාලසූරිය, 36940 ඉරුගල්, පොලිස් කොස්තාපල්වරුන් වන 83400 ගයාන්, 82663 ප්‍රසන්න, පොලිස් කොස්තාපල් රියදුරු 17763 සුරවීර,සිවිල් ආරක්ෂක භට 023805 ජගත් යන නිළධාරීන් පිරිස මෙම වැටලීම සිදු කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
