ඉන්ධන මිල යලි ඉහල යයි ද? ඩීසල් 465 යි.. පෙට්‍රල් 444 යි.. වැඩිවෙන්න යන නව මිල ගණන් මෙන්න.

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Ranil Wickremesinghe Prime minister Sri Lanka
By Aruna May 17, 2022 12:43 AM GMT
Aruna

Aruna

Report

රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38ක්, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55ක් සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50ක් පාඩු ලබන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

තෙල් සංස්ථාවට මෙම පාඩුව තවදුරටත් දරාගැනීමට හැකියාවක් නැති බවත ඔහු කියා සිටියේ ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කරමින්.

අගමැතිවරයාට අනුව ඉන්ධන මිල යලිත් ඉහල යාමට නියමිත අතර වර්තමාන මිල හා තෙල් සංස්ථාව පාඩු නොලබන්නට නම් අලෙවි කල යුතු මිල ගණන් මෙසේය.

oct 92 පෙට්‍රල් – 338.00 – 422.00

oct 95 පෙට්‍රල් – 373.00 – 444.00

ඔටෝ ඩීසල් – 289.00 – 420.00

සුපර් ඩීසල් – 329.00 – 465.00


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now