පහළ ගිය තෙල් මිල ගණන් යළි එකවරම ඉහළ නගී..තවත් ඉහළ යා හැකි බව දන්වයි.
ඊශ්‍රායලය, පලස්තීන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
මේ අනුව, ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.92 දක්වා ඉහළ ගොස් ඇති බවයි සදහන් වන්නේ.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 77.804 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අනුව, පවතින යුද ගැටුම් හමුවේ තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.