ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට යළි අඩු වෙයි??..රට පුරා ඉන්ධන හල්වල සිදු වූ දේ..

Fuel Price In Sri Lanka Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Oct 31, 2022 06:52 AM GMT
Aruna

Aruna

Report
110 Shares

ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 01 වැනි දින සහ එම මාසයේ 15 වන දින සංශෝධනය කිරීමට නියමිතව ඇති අතර, ඒ අනුව අද හෝ හෙට දිනයේ එම සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල මේ දින වල ඉන්ධන හිගයක් ඇතිවී ඇත.

ඊට හේතු වී ඇත්තේ ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රී හෝ හෙට දිනයේ අඩු වේ යැයි බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් කිරීම ප්‍රමාද කිරීමයි.

කෙසේවෙතත් ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදු වේ යැයි පාරිභෝගික ජනතාව දැඩි අපේක්ෂාවෙන් සිටී.

මේ අතර පසුගියදා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කරනු ලැබුවා.

ඒ අනුව මේ වන විටත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 370 කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415 කි.

කෙසේවෙතත් පසුගියදා අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල ගණන්හි වෙනසක් සිදුවූයේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

Join now