ඉහළ ගිය තෙල් මිල - කැපී පෙනෙන මිල ඉහළයාමක් අද වාර්තා වෙයි.

Sri Lanka Fuel Price In World
By krishani Jul 31, 2023 01:20 PM GMT
krishani

krishani

Report

ලෝක වෙළෙඳපොළේ මේ වන විට ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරයි.

ඒ අනුව අද (31) මාස 03කින් ඉහළම අගයක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙලෙස තෙල් මිල ඉහළ යාමට හේතුව ලෙස වාර්තා වන්නේ සෞදි අරාබිය විසින් ස්වේඡාවෙන් සිදුකරන නිෂ්පාදන කප්පාදුව මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමේ අවස්ථාවක් පැවතීම සහ ගෝලිය තෙල් සැපයුම තවදුරටත් සීමා වීමයි.

කෙසේ වෙතත්, අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.54ක් ලෙස සටහන් විය.

එමෙන්ම අමෙරිකානු WTI තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 80.25ක් ලෙසයි.

ReeCha