පහළ ගිය තෙල් මිල.
Fuel Price In World
By krishani
ඊයේ (23) දින, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 73 දක්වා පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
බ්‍රෙන්ට් තෙල් මිල ඩොලර් 72 ශත 99 දක්වා පහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල සටහන් වුයේ ඩොලර් 68 ශත 24 ලෙසයි.
එමෙන්ම පසුගිය 21 වනදා බොරතෙල් මිල ඩොලර් 77 ඉක්මවා ගියේ ය.
කෙසේවෙතත් සැපයුම් බාධක සහ ගෝලීය වශයෙන් ඉන්ධන ඉල්ලුම පිළිබඳ පවතින මන්දගාමිත්වය මත බොරතෙල් මිල මාසයකට වැඩි කාලයක් ඩොලර් 70-80 අතර පැවැත්විණ.