භූමිතෙල් මිල සංශෝධනය වෙයි - නව මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.

Fuel Price In Sri Lanka Sri Lanka
By krishani Mar 01, 2023 06:43 AM GMT
krishani

krishani

Report

භූමිතෙල් මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි ලීටරයක නව මිල රුපියල් 305ක් වේ.

එසේම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ.

මෙම මිල සංශෝධනය අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර අනෙකුත් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join