අද සිට රට පුරා ඉන්ධන සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..

Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Nov 27, 2022 03:26 AM GMT
Aruna

Aruna

Report

චීන රජය විසින් පරිත්‍යාග කරනු ලැබූ ඩීසල් තොගය ගොඩබෑමේ කටයුතු අද (27) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් සුපර් ඊස්ටන් නෞකාව ඊ‍යේ (26) පෙරවරුවේ කොළඹ වරායට ළඟා විය.

ඒ අනුව අදාළ නෞකාවේ ඩීසල් ගොඩබෑමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

මෙරට ගොවීන් සහ ධීවරයින් සඳහා පරිත්‍යාගයක් ලෙස මෙම ඩීසල් තොගය චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබුණා.

ඒ අනුව අදාළ ඩීසල් ඉදිරියේදී ගොවි ජනතාවට සහ ධීවර ජනතාවට ලබාදීමට නියමිත බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, මහ කන්නයේ අස්වනු නෙලීම ආරම්භ වන තෙක් අදාළ ඩීසල් තොග ගොවි ජනතාව වෙත ලබානොදෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now