මෙරට ඉන්ධන ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න - ඉන්ධන පිරවුම්හල්වලට කුමක් ද වුණේ?.

Report

මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

මෙරට ඉන්ධන ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න - ඉන්ධන පිරවුම්හල්වලට කුමක් ද වුණේ?. | Fuel In Sri Lanka

ඒ වෙනත් වර්ෂවලට සාපේක්ෂවයි.

ඒ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

තෙල් මිල ආයෙත් ඉහළට - ඊයේ සිදු වෙලා තියෙන්නේ මොකක්ද දන්නවා ද?.

තෙල් මිල ආයෙත් ඉහළට - ඊයේ සිදු වෙලා තියෙන්නේ මොකක්ද දන්නවා ද?.


ඒ අනුව ඉන්ධන සඳහා පාරි‍භෝගික ඉල්ලුම සියයට 50කින් පමණ අඩු වී ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව එම සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු කියා සිටියේ ය.

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල දී ගැනීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේ ය.

මෙරට ඉන්ධන ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න - ඉන්ධන පිරවුම්හල්වලට කුමක් ද වුණේ?. | Fuel In Sri Lanka

වැඩිදුරටත් අදහස් දැක් වූ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා,

"මිල ඉහළ යාමත් ජනතාව දැන් හුඟාක් වාහනවලින් ගමනාගමනය අඩුකරලා තියෙන්නේ. හුඟ දෙනෙක් පොදු ප්‍රවාහනයේ යනවා. පරණ තිබුණ පරිභෝජනය හා සසඳා බලද්දි ගොඩක් අය අත්‍යවශ්‍ය ගමන් සඳහා තමයි තෙල් ගහලා වාහනේ තියාගෙන ඉන්නේ. ත්‍රීවිල්, බයික් පොඩ්ඩ පොඩ්ඩ හරි ගහනවා. පිට පළාත්වල ෂෙඩ්වල මේක හොඳට පේනවා. ඒ පැත්තෙන් බලනකොට වෙළෙඳාම සෑහෙන අඩුවෙලා තියෙනවා." යනුවෙන් ය.