IOC ඉන්ධන මිලත් සංශෝධනය කරයි.(UPDATE)

Fuel Price In Sri Lanka Sri Lanka
By krishani Jul 31, 2023 04:36 PM GMT
krishani

krishani

Report

අද(31) මධ්‍යයම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා

ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් මිල මෙන්ම, සුපිරි ඩීසල් මිල ද ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 348කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල වන්නේ 375ක් ලෙසයි.

එමෙන්ම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් වේ.

මේ අතර භූමිතෙල් මිල ද රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි. 

----------------------------------------------------------------

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වෙයි - ඒ අනුව නව මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න. (PHOTO)

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සිපෙට්කෝ සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල රුපියල් 348ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375ක් වේ.

එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 306ක් ලෙසයි.

මේ අතර ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගය ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් වේ.

කෙසේ වෙතත්, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 226ක් ලෙසයි.

Gallery
ReeCha