QR ක්‍රමවේදය යටතේ ඉන්ධන දිවයින පුරා බෙදාහැරීම සිදුවුනේ මෙහෙමයි..

Fuel Price In Sri Lanka Sri Lanka National Fuel Pass
By krishani Aug 02, 2022 08:32 AM GMT
krishani

krishani

Report

කිව් ආර් ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදාහැරීම මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1190ක සිදු වන අතර අක්‍රමිකතා මැඩපැවැත්වීමට සහ ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත් කිරීමේ අරමුණින් කිව්.ආර් ක්‍රමවේදය ඊයේ(01) සිට දිවයින පුරා ආරම්භ විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ කිව්.ආර් ක්‍රමවේදය යටතේ ඊයේ සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී පිරවුම්හල් 820ක ඉන්ධන බෙදා හැර ඇති බව යි.

ඊයේ දිනය තුළ පමණක් රථ වාහන 457,360ක් සඳහා ඉන්ධන ලීටර් 3,850,615යි දශම 9යි 3ක් මෙම ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join