අද සිට රට පුරා ඉන්ධන නැති වෙයි ද?.

Report

අද (04) සිට ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.

අද සිට රට පුරා ඉන්ධන නැති වෙයි ද?. | Fuel Distribution In Sri Lanka

එම තීරණයට විරුද්ධව සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැඩි පියවරක් ගන්නා බව එම සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

සංස්ථාව විසින් මාසික පරිහරණ ගාස්තුව ලෙස සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් දැනටමත් වට්ටම් මුදලින් සියයට 0.25 ක් අය කරනු ලබයි.

එමෙන්ම, සංස්ථාව මඟින් ඔවුන්ගේ සියලුම වියදම් හා ලාභ ප්‍රතිශතයක් එක් කර බෙදුම්කරුවන් වෙත දෙන ඉන්ධන, ඔවුන් ප්‍රකාශ කරන මුදලට විකුණා ලබන ඉතා කුඩා ලාභ ප්‍රතිශතයෙන් තවත් සියයට 2.75 ක කොටසක් ලබා ගැනීමට උත්සාහ කිරීම හෙළා දකින බව එම සංගමය සඳහන් කළේ ය. 

කෙසේ වෙතත්, එම හේතුව නිසා මොවුන් අද සිට සේවයෙන් ඉවත්ව විරෝධය පල කළහොත් රට පුරා ඉන්ධන ප්‍රශ්නයක් ද ඇති වීමට ඉඩ ඇත.