ඉන්ධ ලබාදීම සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම්දීමක්..
Fuel Price In Sri Lanka
Sri Lanka
National Fuel Pass
By Aruna
මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති වැඩවර්ජනයක් කැඳවා ඇති අතර සමහර කටයුතු ඒ හේතුවෙන් අඩපණ වී තිබෙනවා.
මේ අතර ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් නිසි පියවර ගෙන ඇති බව බලධාරීන් පවසයි.
සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම්කර ඇති බව CPC සහ CPSTLහි සභාපති එම්. යූ. මොහොමඩ් තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
මේ අතර වෙනදා QR කේතය අනුව ඉන්ධන ලබාදීම ඉරිදා දින සිට යාවත්කාලීන වුවද ඛණිජතෙල් සංස්ථා සේවකයන්ගේ අතිකාල දීමනා පදනම් කර ගනිමින් අඟහරුවාදා මධ්‍යම රිත්‍රී 12.00 සිට QR කේතය අනුව ඉන්ධන ලබාදීමේ කෝටාව යාවත් කාලීන වුණා.
ඒ අනුව යාවත්කාලීන වූ නව QR කේතය අනුව ඉන්ධන ලබාගැනීමට අද දිනයේ විශාල පිරිස් ඉන්ධන පිරවුම්හල් වල සිටින ආකාරය දකින්නට ලැබුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
