ඉන්ධන ලබා දෙන අලුත්ම ක්‍රමවේදය මෙන්න..

Fuel Price In Sri Lanka Sri Lanka Kanchana Wijesekera
By Aruna Jun 21, 2022 02:15 AM GMT
Aruna

Aruna

Report

ප්‍රමුඛතාව මත ඉන්ධන හිමිවන වෘත්තීන් ඇර සෙසු රථ වාහන සඳහා අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව සතියකට දෙවරක් ඉන්ධන ලබාදීමේ යෝජනාව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ලබන 23 සහ 24 යන දිනවල පෙට්‍රල් රැගත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර එය අදාල දිනයන්හි ස්ථීර වශයෙන්ම මෙරටට පැමිණෙනු ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

ඒ සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන විට විවෘත කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අදාල නෞකා මෙරටට ලගා වූ පසු අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ මූලික එකඟතාව පලව ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now