සියලු සිපෙට්කෝ පිරවුම්හල් වැසි යාම සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්
By Sewvandhi
ඉන්ධන ලබා ගැනීම සඳහා අත්පිට මුදල් ගෙවීම සඳහා තෙල් සංස්ථාව පනවා ඇති නව රෙගුලාසි හේතුවෙන් තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා ගන්නා පිරවුම්හල පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ඛණිජ තෙල් බෙදුම් කරැවන්ගේ සංගමය සඳහන් කරයි.
එහි ලේකම් කපිල නාඔටුන්න මහතා කියා සිටියේ බැංකුවලින් නිකුත් කරන අයිරා පහසුකම් සඳහා ණය පොලිය සියයට තිස් හතරක් දක්වා ඉහල දැමීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.
සිපෙට්කෝ පිරවුම් හල්වලට ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීම හා කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සංස්ථාව තවමත් අපොහොසත් වීම ද මීට බලපා ඇතැයි ද ඔහු පැවසීය.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
You may like this video -:
සාවද්‍ය ප්‍රකාශ හා පුවත් සම්බන්ධයෙන් හෙෂගෙන් විශේෂ දැනුවත්කිරීමක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |