ලංකාවේ මිනිස් - අලි සටනට සදාකාලික තිත - කිසිවෙකු නොසිතූ දැවැන්ත මෙහෙයුම මෙන්න
ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිනිස්–අලි ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීමේ ජාතික වැඩසටහනක් යටතේ හදපානාගල අලි ගමන් මාර්ගය (Elephant Corridor) යළි විවෘත කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජූනි 5 වැනිදා ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන, රට පුරා පිහිටි ප්‍රධාන අලි ගමන් මාර්ග කිහිපයක් යළි ප්‍රතිස්ථාපනය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක එක් කොටසකි.
ඒ මඟින් වන අලින්ට ආහාර සහ ජලය සොයා ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන අතර නිදහසේ සංචාරය කිරීමේ අවස්ථාව හිමි වේ. බලධාරීන් පවසන්නේ, සැලසුම් රහිත සංවර්ධන ව්‍යාපෘති, අනවසර ජනාවාස සහ ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලීන් හේතුවෙන් හඩපානාගල සාම්ප්‍රදායික අලි සංක්‍රමණ මාර්ගය වසර ගණනාවක් තිස්සේ අවහිර වී තිබූ බවයි.
එම අවහිරතා හේතුවෙන් අලින්ගේ ස්වභාවික ගමන් මාර්ග සීමා වූ අතර, ආහාර හා ජලය සොයා ගම්මාන වෙත ඇතුළු වීම වැඩි වීමත් සමඟ මිනිස්–අලි ගැටුම් ඉහළ ගොස් තිබුණි.
හදපානාගල අලි මාර්ගය යළි විවෘත කිරීම, මිනිස්–අලි ගැටුම් කළමනාකරණය සඳහා රජය ක්‍රියාත්මක කරන කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග ඇතුළත් තිරසාර වැඩපිළිවෙළේ වැදගත් අංගයක් ලෙස සැලකේ.
නිලධාරීන් පෙන්වා දෙන්නේ අලි ගමන් මාර්ග යළි ස්ථාපිත කිරීම මඟින් අලින්ට ඔවුන්ගේ ස්වභාවික සංක්‍රමණ මාර්ග ඔස්සේ ගමන් කිරීමට හැකි වන අතර, එමඟින් මිනිස්–අලි ගැටුම් අවම කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇති බවයි.
මිනිසුන් සහ අලි අතර සහජීවනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ අතිරේක ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට ද රජය සැලසුම් කර ඇත.