මෙසීගේ අවසන් ලෝක කුසලාන සිහිනය - මෙවර ඔහු පිටියට බහින්නේ හැමදාටම වඩා වෙනස්ම මානසිකත්වයකින්? මෙන්න හේතුව

Report

FIFA 2026 ලෝක කුසලාන තරගාවලිය සඳහා ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සහභාගී වීමට නියමිත අතර, එය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය විය හැකි බවටද මත පළවෙමින් පවතී. මෙවර විශේෂත්වය වන්නේ ඔහුගේ පවුල ඇමෙරිකාවේ පදිංචිව සිටීමයි.

2023 වසරේදී මෙසී, Inter Miami කණ්ඩායමට එක්වීමත් සමඟ ඔහුගේ බිරිඳ අන්තොනෙලා රොකුසෝ සහ දරුවන් තිදෙනාද ඔහු සමඟ Miami නගරයේ පදිංචි වූහ.

ඒ හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහුට සහය දැක්වීම සඳහා පවුලේ සාමාජිකයන්ට ලොව පුරා සංචාරය කිරීමට අවශ්‍ය නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තරගාවලියේ කණ්ඩායම් අදියර සඳහා ආර්ජන්ටිනා කණ්ඩායම Kansas City හි නවාතැන් ගැනීමට නියමිත අතර, පවුලේ සමීපත්වය මෙසීට මානසික ශක්තියක් වනු ඇතැයිද විචාරකයෝ පෙන්වා දෙති.

මෙසීගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය විය හැකි බවට පළවන අදහස් හේතුවෙන් මෙවර තරගාවලිය කෙරෙහි පාපන්දු ලෝලීන්ගේ අවධානයද විශේෂයෙන් යොමුව තිබේ.