පාසල් ළමුන් රැගත් වෑන් රියක් ගැටී දරුණු අනතුරක් - සිසුන් 17ක් රෝහලට

Report

මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේදී අද දහවල් කාලයේ පාසල් දරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සහ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දරුණු මාර්ග අනතුරක් සිදුව තිබේ.

මෙම අවාසනාවන්ත අනතුරින් පාසල් වෑන් රථය තුළ ගමන් කරමින් සිටි කුඩා පාසල් දරුවන් 08 දෙනෙකු විවිධ තුවාල ලබා ඇතැයි කටුගස්තොට පොලිසිය නිල වශයෙන් පවසයි.

අනතුර සිදුවන අවස්ථාව වන විට එම පාසල් වෑන් රථය තුළ විවිධ වයස් කාණ්ඩවලට අයත් පාසල් දරුවන් 20 දෙනෙකු පමණ ඉතාමත් අනතුරුදායක ලෙස ගමන් කරමින් සිට ඇති බව ද පොලිස් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

අනතුර සිදු වූ වහාම ප්‍රදේශවාසී මහජනතාව සහ පොලිස් නිලධාරීන් එක්ව වෑන් රථය තුළ සිටි තුවාල ලැබූ සියලුම දරුවන් කඩිනමින් කටුගස්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බව කටුගස්තොට පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබන එම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බවත්, ඔවුන් සියලු දෙනාම දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් කටුගස්තොට රෝහල් ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පැවසීය.

රජයෙන් විශේෂ දැනුම්දීමක් - අධිවේගී මාර්ගයේ යන මේ අයට විශේෂ වට්ටමක්

රජයෙන් විශේෂ දැනුම්දීමක් - අධිවේගී මාර්ගයේ යන මේ අයට විශේෂ වට්ටමක්

බස් රථයේ සහ වෑන් රථයේ රියදුරන්ගේ නොසැලකිලිමත් ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතිද යන්න සෙවීම සඳහා කටුගස්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.