"..ඊයේ උදේ ඇදපු ඇදුම් ඇදගන ඉන්නෙත්..මොනවා හරි කරන්න.." පිරවුම්හලට ඉන්ධන ලැබුණත් ජනතාව දින ගණනාවක් පෝලිමේ - (PHOTOS)
වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදයට මේ දින දෙක තුළදී යම් යම්කිසි සහනයක් ලැබී තිබෙනවා. එනම් ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණීමත් සමග රට පුරාම යම්තාක් දුරට සහනයක් සැලසී තිබෙනවා
එනමුත් අපට, පිරවුම්හලට ඉන්ධන ලැබී තිබුනත් එම ඉන්ධන සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් වෙන් කර තබා ජනතාව දින ගණනාවක් පෝලිම් වල තබන සිද්ධියක් වාර්තා වුණා.
මෙම සිද්ධිය වාර්තා වෙන්නේ කරාපිටිය ප්‍රදේශයෙන්. එහිදී අප වෙත අයෙක් මෙලෙස අදහස් දැක්වුවා..
"..දවස් ගනන් අපි පාරවල් වල දුක් විදිනවා සවුක්‍ය සෙවකයන්...දැන් එනව කිය කිය බලන් ඉන්නවා....ගෙදර ගිහින්...ආයෙ වැඩට යන්න ඔනේ ඊයේ උදේ ඇදපු ඇදුම් ඇදගන ඉන්නෙත්... මොනවා හරි කරන්න.....කරාපිටිය.බෙලිගහ හන්දියට ආපු තෙල් එක බෙදන්න විදියක් නැහෑ...මිනිසුන්ගේ නොමිනිස් වැඩ නිසා...මේවා මීඩීයා දාලා මොනා හරි කරන්න...."
පිරවුම්හලට ඉන්ධන ලැබී තිබුනත් මෙලෙස දින ගණනාවක් ජනතාව පෝලිම් වල තබාගෙන අපහසුතාවයට පත් කිරීම කිරිම සුදුසුද ..?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |



