ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක්
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sithumi
මේ වන විට රට පුරා පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්ව තිබෙනවා. මේ හේතුව නිසා ,
ඉන්ධන පිරවුම්හල් අසල යළිත් පෝලිම් ඇති වී ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන ලෙසට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
එහි උප සභාපති කුසුම් සන්දනායක කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ වෙළඳපොලට ඩීසල් නිකුත් කිරීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කිසියම් සීමාවකට අනුව කටයුතු කරන බවයි.
පසුගිය දින කිහිපය තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 2500 ක පමණ ප්‍රමාණයක් දිවයින පුරා ඇති පිරවුම්හල්වලට බෙදා හැර ඇති අතර, එය ප්‍රමාණවත් නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |
