ගමක් භීතියට පත් කරමින් වලස් ප්‍රහාර.. ඉන්ධන නැති නිසා වනජීවි නිළධාරිනුත් නෑ.
දිස්ත්‍රීක්කයේ ගම්මාන කිහිපයකට රාත්‍රිකාලයේදී ඇතුල්වන වලසෙකු විසින් ගම්මුන්ට පහරදීම හේතුවෙන් ජනතාවට බියෙන් සිටීමට සිදුව ඇති බවටත් ඊයේ (06) රාත්‍රියේ වලස් ප්‍රහාරයකට ලක්ව එක් අයෙකු තුවාල ලබා ඇතැයිද ගම්වාසීන් පවසති.
මන්නාරම් දිස්ත්‍රීක්කයට අයත් නානාට්ටාන්, මඩු, වංකාලෙයි ආදි ප්‍රදේශයන්ට රාත්‍රිකාලයේදී වලසුන් පැමිණ මිනිසුන් පසුපස පන්නා පහරදෙන බැවින් ජනතාව රාත්‍රී කාලයේ ගමන් යාමටද දැඩි බියක් දක්වති. මේ අතර නානාට්ටාන් ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඊයේ( 06) රාත්‍රියේ වලසෙකු පහරදීම හේතුවෙන් තුවාල ලබා මන්නාරම් රෝහලට ඇතුලත් කොට ඇති අතරම වල්ස ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයාට අවශ්‍ය ප්‍රතිකා සඳහා ඖෂධ වලද දැඩි හිගයක් පවතින බවට මන්නාරම රෝහල් නිලධාරීන් පවසා සිටිති.
කෙසේ වෙතත් ගම්වදින වලසුන් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීණ් විසින් වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නද වලසුන් ඇල්ලීමට හෝ පන්නා දැමීම සඳහා ගම්මාන වෙතට යාම සඳහා වාහන වලට ඉන්ධන නොමැති වීම හේතුවෙන් වනජීවි නිලධාරීන්ට එම ගම්මාන වෙතට යාමට නොහැකි තත්වයක් උදා වී ඇතැයිද වාර්ථා වෙයි