වී අස්වනු නෙළන යන්ත්‍රවලට බූලිවලින් ඉන්ධන දෙයි
මහ කන්නයේ වී අස්වනු නෙළීම සඳහා භාවිත කරන යන්ත්‍ර සූත්‍රවලට අවශ්‍ය ඉන්ධන ගොවීන් වෙත බූලි සහ කෑන්වලට නිකුත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.
ඉන්ධන පෙරවුම්හල්වලින් ඩීසල් ලබාගැනීමේ දී ගොවීන්ට මුහුණපෑමට සිදුවූ ගැටලු සැලකිල්ලට ගනිමින් රජය මෙම පියවර ගෙන තිබේ.
දිස්ත්‍රික් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සදහන් කළේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරු, පොලිස් ස්ථානාධිපතිවරු මඟින් මේ වැඩපිළිවෙළ සකස් කර තිබෙන බවයි .
ඒ වගේම ඔහු සදහන් කළේ අනුරාධපුර සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා හිඟයකින් තොරව සැපයීමට බූලි (කෑන්) සහ බැරල් සඳහා ඛනිජ තෙල් නිකුත් කිරීමට මේ වන විටත් අවශ්‍ය සියලුම ක්‍රමවේද සකස් කර තිබෙන බවයි.
තවද පොලිස් ස්ථාන මට්ටමින් අදාළ ගොවි සංවිධාන සහ ගොවි නියෝජිතයන්ද සම්බන්ධ කර ගනිමින් පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික්කයේ සෑම ඉන්ධන පිරවුම් හලකින්ම ලබා ගැනීමේ අවස්ථාව උදාකර තිබෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සඳහන් කර තිබේ.
පොළොන්නරුව ගොවිජන සේවා සහකාර කොමසාරිස් අරුණ නිරෝෂන් මහතා ප්‍රකාශ කළේ පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ සියලු ගොවීන්ට ඉන්ධන ලබාගැනීමට විශේෂ ලිපියක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු ගොවිජන සංවර්ධන නිලධාරීන්ට ලිඛිතව දැනුවත් කර ඇති බවයි.