පාසල් වෑන් - ලොරිය අනතුරකින් 120 මාර්ගයේ දැඩි රථවාහන තදබදය

Report

කොළඹ - පිළියන්දල මාර්ගයේ (120 මාර්ගය) රත්තනපිටිය ප්‍රදේශයේදී පාසල් වෑන් රථයක් සහ කුඩා ලොරි රථයක් අතර සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මෙම අනතුර හේතුවෙන් වෑන් රථය මාර්ගය අසල විදුලි කණුවක ගැටී ඇති බවයි.

ඒ හේතුවෙන් පිළියන්දල සිට කොළඹ දෙසට යන මංතීරුවේ වාහන ගමනාගමනයට බාධා ඇති වී ඇති අතර, මේ වන විට තදබදය ඉතා බරපතල තත්ත්වයක පවතින බව පොලීසිය පවසනවා.

මාර්ගයේ ගමන් යන අයට විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවිය හැකි බවත්, තත්ත්වය සමනය වන තුරු ඉවසීමෙන් ගමන් කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටිනවා.

පෙර පාසල් දරුවන්ට ආයේ මේවා කරලා අහුවෙන්න එපා - ජාත්‍යන්තර පෙර පාසලක ගුරුවරියක් කරපු දේ නිසා විමර්ශන

පෙර පාසල් දරුවන්ට ආයේ මේවා කරලා අහුවෙන්න එපා - ජාත්‍යන්තර පෙර පාසලක ගුරුවරියක් කරපු දේ නිසා විමර්ශන

අද මේ අයට හිතේ සතුට උතුරන ලැබීම් සහිත දිනයක් - දවසේ ලග්න පලාපල මෙන්න

අද මේ අයට හිතේ සතුට උතුරන ලැබීම් සහිත දිනයක් - දවසේ ලග්න පලාපල මෙන්න