වී අස්වනු නෙළන යන්ත්‍රවලට බූලි­ව­ලින් ඉන්ධන දෙයි

Report

මහ කන්නයේ වී අස්වනු නෙළීම සඳහා භාවිත කරන යන්ත්‍ර සූත්‍ර­ව­ලට අවශ්‍ය ඉන්ධන ගොවීන් වෙත බූලි සහ කෑන්ව­ලට නිකුත් කිරී­මට මේ වන විට පිය­වර ගෙන ඇත.

ඉන්ධන පෙර­වු­ම්හ­ල්ව­ලින් ඩීසල් ලබා­ගැ­නීමේ දී ගොවීන්ට මුහු­ණ­පෑ­මට සිදුවූ ගැටලු සැල­කි­ල්ලට ගනි­මින් රජය මෙම පිය­වර ගෙන තිබේ.

දිස්ත්‍රික් අනු­රා­ධ­පුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විම­ල­සූ­රිය මහතා සදහන් කළේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති, නියෝජ්‍ය පොලි­ස්පති, කොට්ඨාස භාර පොලිස් අධි­කා­රි­වරු, පොලිස් ස්ථානා­ධි­ප­ති­වරු මඟින් මේ වැඩ­පි­ළි­වෙළ සකස් කර තිබෙන බවයි .

ඒ වගේම ඔහු සදහන් කළේ අනු­රා­ධ­පුර සිය­ලුම කෘෂි­කා­ර්මික කට­යුතු සඳහා හිඟ­ය­කින් තොරව සැප­යී­මට බූලි (කෑන්) සහ බැරල් සඳහා ඛනිජ තෙල් නිකුත් කිරී­මට මේ වන විටත් අවශ්‍ය සිය­ලුම ක්‍රම­වේද සකස් කර තිබෙන බවයි.

පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් 10ක් කොටු

පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් 10ක් කොටු

තවද පොලිස් ස්ථාන මට්ට­මින් අදාළ ගොවි සංවි­ධාන සහ ගොවි නියෝ­ජි­ත­යන්ද සම්බන්ධ කර ගනි­මින් පොලී­සියේ පූර්ණ අධී­ක්ෂ­ණය යටතේ දිස්ත්‍රි­ක්කයේ සෑම ඉන්ධන පිර­වුම් හල­කින්ම ලබා ගැනීමේ අව­ස්ථාව උදා­කර තිබෙන බව ද දිස්ත්‍රික් ලේක­ම්ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.

පොළො­න්න­රුව ගොවි­ජන සේවා සහ­කාර කොම­සා­රිස් අරුණ නිරෝ­ෂන් මහතා ප්‍රකාශ කළේ පොළො­න්න­රුව ඇතුළු මහ­වැලි බී කලා­පයේ සියලු ගොවීන්ට ඉන්ධන ලබා­ගැ­නී­මට විශේෂ ලිපි­යක් නිකුත් කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලෙස සියලු ගොවි­ජන සංව­ර්ධන නිල­ධා­රීන්ට ලිඛි­තව දැනු­වත් කර ඇති බවයි. 

පාසල් වෑන් - ලොරිය අනතුරකින් 120 මාර්ගයේ දැඩි රථවාහන තදබදය

පාසල් වෑන් - ලොරිය අනතුරකින් 120 මාර්ගයේ දැඩි රථවාහන තදබදය