ඉන්ධන බවුසරයක් අනතුරට ලක් වෙයි, දෙදෙනෙකු රෝහලට - (PHOTOS)
By Sewvandhi
මාතලේ විල්ගමුව ප්‍රධාන මාර්ගයේ විල්ගමුව නගරයට ආසන්න ඒලෝනා කන්ද ප්‍රදේශයේ දී ඉන්ධන බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.
දැඩි බෑවුමක් සහිත වැලමිට වංගුවක් ඇති ස්ථානයකදී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මාර්ගයෙන් ඉවතට පැන අධි බල විදුලි රැහැන් කණුවක ගැටී එම කණුව ද කැඩී රථය මතට ඇද වැටී මෙම අනතුර සිදුවී ඇතැයි සඳහන්.
අද උදෑසන මෙම අනතුරින් පසු බවුසර් රථයේ ඉන්ධන ඉවතට ගලා යමින් පැවති අතර එම ස්ථායට ජනතාව ඒකරාශී වීම වැළක්වීමට පොලිසිය පියවර ගෙන තබෙනවා. අනතුරෙන් රියදුරු සහ රිය සහායකයා තුවාල ලබා මහියංගන මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |


