නුවර එළියේ සුන්දරත්වය වැඩි කරන මල් තුහින

Report

අද උදෑසන කාලයේ පවතින සීත කාලගුණය නිසා නුවරඑළියේ ස්ථාන කිහිපයකටම මල් තුහින පතිත වී ඇත.

දිවයිනේ අවම උෂ්ණත්වය අදත් නුවරඑළියෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවද සදහන් කරයි.

ඒ අනුව නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් සෙල්සියස් අංශක 7.8ක උෂ්ණත්වයක් වාර්තා වී තිබේ .

තවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවල ඝන මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට ද බාධා ඇතිවී තිබෙන බව වාර්තා වේ.

හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම මීදුම් තත්ත්වය වැඩි වශයෙන් දැකගත හැකිය.

හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනයේ දී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි.   

නුවර එළියේ සුන්දරත්වය වැඩි කරන මල් තුහින | Frosted Blooms Paint Nuwara Eliya