ඉරාන නෞකාවලින් මුදාගත් පිරිසට මාසයක Free වීසා කාලයක් ලංකාවෙන්
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ, ඉරානයේ නෞකාවලින් මුදා ගනු ලැබූ කණ්ඩායමට මාසයක පමණ කාලයක් සහන වීසා සහ මානුෂීය රැකවරණය ලබාදීමට රජය කටයුතු කර ඇති බවයි.
ඔහු මෙම තීරණ මගින් කිසිදු පාර්ශවයකට සහාය දැක්වීමක් හෝ පීඩාවක් ඇති නොවන ආකාරයෙන් එය ක්‍රියාත්මක වන බවත් අවධාරණය කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, රටේ ජාතික ආරක්ෂාව සහ ජනතා ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර සම්මුති සහ නාවික නීති රීති පිළිපැදීමත් සමඟ ඉරාන නාවිකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බවයි. ඔහු තවදුරටත් සඳහන් කළේ, ගෝලීය යුදමය තත්ත්වයන් හමුවේ වක්‍ර බලපෑම් ඇති වුවද, ජාතික ආරක්ෂාව මුල්ම පදනම ලෙස සලකන බවයි.
එසේම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් පවතින විමර්ශනවලදී හිටපු බුද්ධි ප්‍රධානි සලේ මහතා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකල බව ඔහු අවධාරණය කරයි.
විමර්ශන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සහ සාධාරණව සිදුවෙමින් පවතින අතර, හිටපු බුද්ධි ප්‍රධානියා සැබැවින්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධව දැනුවත් වූවද නැද්ද යන්න අධිකරණ ක්‍රියා මාර්ග හරහා තීරණය කෙරෙනු ඇත.