රු. 10,000කට වැඩියෙන් මිලදී ගත්තොත් ලක්ෂ 3කට වැඩි තෑග්ගක් නොමිලේ
වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ සමූපාකාර වෙළෙඳසැල් තුළින් මාසයක් තුළදි රුපියල් 10,000කට වැඩි මුදලක් වියදම්කර භාණ්ඩ මිලදි ගන්නා පාරිභෝගිකයින් හට ජිවිත රක්ෂණයක් ලබාදීමට කටයුතු කරන බවයි.
එම රක්ෂණාවරණය නොමිලේ පාරිභෝගිකයින්ට ලබාදෙන අතර එය ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුතු බව අනුරාධපුරය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා පවසා ඇත.
වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
''සමූපාකාර ව්‍යාපාරය මාලිමාවේ දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් හරහා ඉදිරියට ගෙන එනවා. ඒ ඔස්සේ සෑම ප්‍රාදේශිකයකට කෝප් සිටියක් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙනවා. එමෙන්ම නාගරික ප්‍රදේශවල දැවැන්ත කෝප් සිටි පවත්වා ගෙන යාමට අවශ්‍ය ණය මුදල් ද, අඩු පොලියක් යටතේ ලබා දීමට කටයුතු කරනවා'' ලෙසයි.