ඔක්තෝබර් 10 වැනි සෙනසුරාදා දිනය පුරා විශ්වවිද්‍යාල සිසුන්ට මේවා නොමිලේ
ජනාධිපති අරමුදලෙන් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර ඔක්තෝබර් 10 වැනි සෙනසුරාදා දිනය පුරා රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම වැඩසටහනේ පළමු අදියර ඉකුත් දා රජරට විශ්වවිද්‍යාලයේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළ බව සඳහන්.
එසේම එහිදී ඇස් පරික්ෂාවට ලක් වූ සිසුන් 316ක් සඳහා ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම ඔක්තෝබර් 17වෙනි දින එම විශ්වවිද්‍යාලයේදී සිදු කිරීමට නියමිත බව සඳහන්.