පාසල් සිසුන්ට අලුතින් ලැබෙන දේ මෙන්න. සිසුන්ට සුභ ආරංචියක්....

Ministry of Education Sri Lankan Schools Education School Incident
By Gagana Feb 22, 2024 03:53 PM GMT
Gagana

Gagana

Report

මෙරට ප්‍රාථමික පාසල්වල ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම ලබන මස සිට නොමිලේ ආහාර ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා සිසුන්ට උදෑසන ආහාර ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙලෙස සිසුන් ලක්ෂ 17කට ආහාරයක් ලබා දීමට කටයුතු කරන අතර ඒ සඳහා රුපියල් බිලියන 16.6ක් වැය වන බවට සඳහන්.

කෙසේ වෙතත් මෙම වැඩසටහන පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත්තේ මන්දපෝෂණයට ගොදුරු වූ දරුවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනාවරණයක් සිදු කර ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බවයි.

ReeCha