ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් ගැන අලුත්ම දත්ත අනාවරණයක් එළියට - සැප්තැම්බර් දත්තවලින් හෙළි වූ දේ මෙන්න

Report

ශ්‍රී ලංකාවේ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව පසුගිය සැප්තැම්බර් මාසයේදී සියයට 1කින් වර්ධනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්තවලට අනුව, සැප්තැම්බර් මාසය තුළ අලුතින් සක්‍රීය වූ ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 22,011කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරට සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,319,794ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම වසරේ පළමු මාස නවය තුළ පමණක් සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 153,608කින් එනම් සියයට 7.1කින් වර්ධනය වී ඇති බවයි මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ.

2025 වසරේදී සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 157,730කින් හෙවත් සියයට 7.8කින් ඉහළ ගොස් තිබූ අතර, 2024 වසරේදී එය 91,371කින් එනම් සියයට 4.8කින් වර්ධනය වී තිබුණා.

පොලී අනුපාත පහළ යාමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදුන් විශේෂ ප්‍රවර්ධන දීමනා සහ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මෙම වර්ධනයට බලපා ඇති බව සඳහන්.

කොහු කර්මාන්ත ශාලාවක් හදිසියේ ගිනි ගනී - දිවුලපිටියේ ගින්න නිවන්න රථ 4ක් යොදවයි

කොහු කර්මාන්ත ශාලාවක් හදිසියේ ගිනි ගනී - දිවුලපිටියේ ගින්න නිවන්න රථ 4ක් යොදවයි

කෙසේ වෙතත්, මහ බැංකුව පසුගිය මැයි මාසයේදී ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 100කින් ඉහළ දැමීමත් සමඟ ක්‍රෙඩිට් කාඩ්පත් වර්ධනයේ යම් මන්දගාමී වීමක් ජුනි මාසයේදී දක්නට ලැබුණා.

මැයි මාසයේදී සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 25,720කින් ඉහළ ගොස් තිබූ අතර, එම මාසයේ අවසන් සතියේදී මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගෙන තිබුණා.

මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සහ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන සලාක ක්‍රමය හේතුවෙන් ජනතාවගේ වියදම් කිරීමේ ප්‍රවණතාව අඩු වී තිබිය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

2023 වසරේ සිට මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ ස්ථාවරත්වය ඇතිවීමත් සමඟ පාරිභෝගිකයන් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩි කර ඇති බව ද විශ්ලේෂකයන්ගේ අදහසයි.

නොර්වුඩ්හි මද්දකට හසුවූ පුංචි කොටි ධේනුවට මොකද වුණේ? - වැඩිදුර ප්‍රතිකාර සඳහා රන්දෙනිගලට

නොර්වුඩ්හි මද්දකට හසුවූ පුංචි කොටි ධේනුවට මොකද වුණේ? - වැඩිදුර ප්‍රතිකාර සඳහා රන්දෙනිගලට

ආර්ථික අර්බුදයෙන් පසු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කළ ඉහළ පොලී සහ දඩ පොලී අනුපාත හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන් සිය කාඩ්පත් අවලංගු කර තිබූ බවත්, පොලී අනුපාත පහළ යාමත් සමඟ එම පිරිස නැවතත් කාඩ්පත් සක්‍රීයව භාවිත කිරීමට පෙළඹී ඇති බවත් ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා.

2022 වසරේදී රට බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත විශාල වශයෙන් ඉහළ දැමීමත් සමඟ 2023 වසරේදී සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව සියයට 1.8කින් එනම් 39,991කින් පහත වැටී තිබුණා.

උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුව 2022 අප්‍රේල් මාසයේදී පොලී අනුපාත දැඩි ලෙස ඉහළ දැමීමට පියවර ගත්තා.

පසුව 2023 ජුනි මාසයේ සිට ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාත අවස්ථා අටකදී අඩු කිරීමත් සමඟ 2024 සැප්තැම්බර් මාසයේදී උද්ධමනය ඍණ අගයක් දක්වා පහත වැටී තිබුණා. අනතුරුව 2025 අගෝස්තු මාසයේදී එය යළි ධන අගයක් බවට පත්වූ බව ද වාර්තා වනවා.

අම්බලන්ගොඩදී ලක්ෂ 40ක හෙරොයින් සමඟ චූටිගේ ගෝලයෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩදී ලක්ෂ 40ක හෙරොයින් සමඟ චූටිගේ ගෝලයෙකු අත්අඩංගුවට