සහල් මෝල් හිමියන්ගේ වංචනික කටයුතු හසුවේ!

Economy of Sri Lanka K.D. Lalkantha
By Gagana News Feb 25, 2025 12:15 AM GMT
Gagana News

Gagana News

Report

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී (24) රැස් වූ අවස්ථාවේදී මෝල් හිමියන් විසින් වී මිලදී ගැනීම සදහා ලබාගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකු වී මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 15කට අධික බැංකු ණය ලබාගෙන ඇති බවට මෙහිදී අනාවරණය වු අතර මෝල් හිමියන්ට ලබාදී තිබෙන ණය පහසුම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය සම්බන්ධයෙන් පසුවිපරමක් සිදු කිරීමටද සාකච්ඡා විය.

කෙසේ වෙතත් වී මිලදී ගැනීමට ඇතැම් වී මෝල් හිමියන් ලබාගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරමින් සිටින බවට ලැබී ඇති තොරතුරු අනුව මෙම උපදෙස් නිකුත් කර ඇත.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.

ලාල්කාන්ත සහ වෙළෙඳ, සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

එළඹෙන වසරේ සිට අලුත් අවුරුදු නැකත් සම්පාදනය නව වැඩපිළිවෙළකින්

එළඹෙන වසරේ සිට අලුත් අවුරුදු නැකත් සම්පාදනය නව වැඩපිළිවෙළකින්

නල්ලතන්නි රක්ෂිතයේ ගිනි නිවීමට ගුවන් හමුදා සහාය

නල්ලතන්නි රක්ෂිතයේ ගිනි නිවීමට ගුවන් හමුදා සහාය

ReeCha