නල්ලතන්නි රක්ෂිතයේ ගිනි නිවීමට ගුවන් හමුදා සහාය

By Gagana News Feb 24, 2025 05:19 PM GMT
Report

නල්ලතන්නිය රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා සහාය යොදාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 04 බලඝනයට අයත් බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් ගිනි නිවීම සඳහා යොදවා ඇති අතර ගිනි නිවීම් සඳහා භාවිතා කරනු ලබන බම්බි බකට් උපාංගයද මේ සඳහා යොදවා ඇත.

ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් අද පස්වරුමේ මෙම ගුවන් යානය පිටත් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ගින්න ඇති වූ ස්ථානයට ආසන්නයේම ඇති මාඋස්සාකැලේ ජලාශයෙන් බම්බි බකට් ආධාරයෙන් අවස්ථා 10කදී ජලය රැගෙන ගින්න ඇති වූ ස්ථානයට සාර්ථකව හෙලීම සිදුකළ බව ගුවන් හමුදාව පැවසීය. 

විරෝධතාවක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්වයක්

විරෝධතාවක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්වයක්

ඝාතනයට පෙර ගනේමුල්ල සංජීවගේ අධිකරණ ශාලාව මාරු වෙලා! ඒ තොරතුරත් ඝාතකයින්ට ගිහින්!

ඝාතනයට පෙර ගනේමුල්ල සංජීවගේ අධිකරණ ශාලාව මාරු වෙලා! ඒ තොරතුරත් ඝාතකයින්ට ගිහින්!