විශ්වවිද්‍යාලවල නවක වධයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Report

විශ්වවිද්‍යාලවල නවක වධය නැවැත්වීම සඳහා සකස් කර ඇති මාර්ගෝපදේශ මාලාව දැඩිව ක්‍රියාත්මක කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ක්‍රියාත්මක වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නියම කර ඇත.

බොරැල්ල වෙඩි වරුසාවේ දර්ශන එළියට

බොරැල්ල වෙඩි වරුසාවේ දර්ශන එළියට

එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාටද විනිසුරු මඩුල්ල නියම කළේය.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

2020 වසරේ නවක වධයකට ලක්ව ශාරීරික හා මානසික තුවාල ලබා දැඩි පීඩාවට පත්වූ පළමු වසරේ සිසුවෙකු වන පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවේදී මෙම නියෝග නිකුත් කරන ලදී.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා විසින් මෙම තීන්දුව ලබාදී ඇත.

මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විමසීම සඳහා නඩුකරය ජනවාරි 14 වැනිදා යළි කැඳවීමටත්, එම විනිසුරු මඩුල්ල විසින් නියම කර තිබේ.