උගතුන් රැසක් වැඩේට හසුවෙල්. - ඇග්‍රෝ ලංකා ගැන ඔබත් දැනුවත් ද. - ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිට ලෝක ඡාවාරමක් කළ හමුදා සෙබළා.

By Wayomi Nov 29, 2024 11:37 AM GMT
Report

පලතුරු පිටරට යවන ආයතනයක මුවාවෙන් රුපියල් කෝටි හයක් පමණ වංචා කරමින් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිට ජාවාරමක් මෙහෙයවූ හිටපු හමුදා සෙබළකු කටාන පොලිසිය මගින් පෙරේදා (27 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනාවරණය වී ඇත්තේ, ඇග්‍රෝ ලංකා නමින් ව්‍යාපාරික ආයතනයක මුවාවෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 19 වැනි මහලේ පවත්වාගෙන ගොස් ඇති මෙම කාර්යාලය මගින් හමුදාවේ ඉහළ නිලධාරින්ගේ සිට සියලුම නිලයන්වල අයද මුදල් ආයෝජනය කර ඇති බවයි.

දෙසැම්බර් 15න් පසු තහනම්. - අංක තහඩු භාවිතා කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.

දෙසැම්බර් 15න් පසු තහනම්. - අංක තහඩු භාවිතා කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.

උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කෙරේ.( කාලසටහන සහිතයි)

උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කෙරේ.( කාලසටහන සහිතයි)

සැකකරු 2019 දී යුද හමුදා සේවයේ සිටියදීම ටයිකෝට් පැලඳ ආයතන ප්‍රධානියකු ලෙස මුදල් ආයෝජනය කිරීම සඳහා යුද හමුදාවේ මෙන්ම වෙනත් අංශවල පිරිස්ද බඳවාගෙන ඇත.

එමෙන්ම මෙම සැකකරු යුද හමුදාවේ ඉහළ නිලධාරින්ට පමණක් ආයෝජනය කළ මුදල්වලට 7% බැගින් පොලිය ගෙවා ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු 2020 දී හමුදාව අතහැර ගොස් 2023 දක්වා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලය පවත්වාගෙන ගොස් ඇති අතර මොහු විසින් පලතුරු අපනයනය කිරීමට අමතරව​ ලෝක වෙළෙඳපොළේ ආයෝජනය කරන බවද පවසා මුදල් එකතු කර ඇත.

පොලිසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - 'slremover' සහ 'SL protection' ගිණුම් යටතේ WhatsApp සහ Telegram වල සිදු වී ඇති තවත් භයානක දෙයක්.

පොලිසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - 'slremover' සහ 'SL protection' ගිණුම් යටතේ WhatsApp සහ Telegram වල සිදු වී ඇති තවත් භයානක දෙයක්.

එමෙන්ම මොහු විසින් රටපුරා වැඩමුළු පවත්වමින් ආයෝජකයන් ලෙස විවිධ තරාතිරමේ අය බඳවාගෙන ඇති බවත්, ගුරුවරියකට රුපියල් ලක්ෂ දහයක් වංචාකරහෙළි වී තිබේ. ගුරුවරියකට රුපියල් ලක්ෂ දහයක් වංචාකර ඇති බවත් හෙළි වෙනවා.

මොහු විසින් ගනුදෙනුකරුවන්ගෙන් ගත් මුදල්ම ආයෝජනය කළ පුද්ගලයන්ට පොලිය ලෙස ගෙවා ඇති අතර මෙම සැකකරු කදිරාන ප්‍රදේශයේ රැඳී සිටින බවට කටාන පොලිසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ලක්ෂ 11 ක් වංචා කිරීම ගැන කටාන පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ඔහු බකමූණ, ගල්ලෑව පදිංචි ආලෝක සම්පත් නමැති 41 හැවිරිදි කාලතුවක්කු රෙජිමේන්තුවේ සිට පලාගිය සෙබළෙකි.

කටාන පොලිස් ස්ථානාධිපති වසන්ත සුදසිංහගේ උපදෙස් මත මෙම සැකරකුට එරෙහිව ඇති පැමිණිලි සොයා දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පණිවුඩ යැවීමෙන් පසු ඊයේ (28) වන විට ඇඹිලිපිටිය, අම්බලන්ගොඩ ඇතුළු ප්‍රදේශවලින් පැමිණිලි ලැබී ඇත. 

මෙන්න සුබ ආරංචියක්.- පළමු අදියර යටතේ මෙරටට ගෙන්වන වාහන සහ දින වකවානු ගැන ප්‍රකාශයක්.

මෙන්න සුබ ආරංචියක්.- පළමු අදියර යටතේ මෙරටට ගෙන්වන වාහන සහ දින වකවානු ගැන ප්‍රකාශයක්.

රටම කතා කළ ඩෙිසි ආච්චිගෙ මැණික් මල්ල සොයා හදුන්නෙත්ති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යයි. - (VIDEO)

රටම කතා කළ ඩෙිසි ආච්චිගෙ මැණික් මල්ල සොයා හදුන්නෙත්ති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යයි. - (VIDEO)


You may like this video