පොලිසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්. - 'slremover' සහ 'SL protection' ගිණුම් යටතේ WhatsApp සහ Telegram වල සිදු වී ඇති තවත් භයානක දෙයක්.

CID - Sri Lanka Police Sri Lanka Police
By Wayomi Nov 29, 2024 07:11 AM GMT
Wayomi

Wayomi

Report

සමාජ මාධ්‍ය ජාලා සහ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ පොලිස් කාර්යාංශයේ ව්‍යාජ ලාංඡනය භාවිත කරමින් විපතට පත් පුද්ගලයන්ගෙන් රහසිගත තොරතුරු ලබාගැනීමට සිදුවන වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විසින් අපයෝජනයට ලක්වූවන් සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ක්ෂණික ඇමතුම් අංක 109 සමඟ විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බව පොලිසිය පවසයි.

දෙසැම්බර් 15න් පසු තහනම්. - අංක තහඩු භාවිතා කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.

දෙසැම්බර් 15න් පසු තහනම්. - අංක තහඩු භාවිතා කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.

උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කෙරේ.( කාලසටහන සහිතයි)

උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කෙරේ.( කාලසටහන සහිතයි)

දැඩි රහස්‍යභාවයක් යටතේ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු එක්රැස් කළ බව පවසන පොලිසිය, රාජකාරියේ නියුතු නිලධාරීන් ක්ෂණික ඇමතුම් අංකය හරහා පමණක් දැනුම් දුන් බව සඳහන් කළේය.

කෙසේ වෙතත්, ළමා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ව්‍යාජ ලාංඡනය සහිත 'slremover' සහ 'SL protection' ගිණුම් යටතේ WhatsApp සහ Telegram වැනි විවිධ සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කර ඇති බව අනාවරණය වී ඇති බවත්,කාන්තාවන් විසින් වින්දිතයින්ගෙන් විස්තර එකතු කරන බවත් පොලිසිය සඳහන් කරනවා.

එමෙන්ම වින්දිතයන්ගේ රහස්‍ය තොරතුරු සහ පින්තූර ලබා ගැනීම සඳහා වංචාකරුවන් ව්‍යාජ ලාංඡන භාවිතා කර ඇති අතර පසුව එම තොරතුරු වින්දිතයින්ට තර්ජනය කිරීමට යොදාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ මෙහෙයුම් මධ්‍යස්ථානය සහ එහි ක්ෂණික ඇමතුම් අංකය වන 109 හරහා පමණක් අපයෝජන පැමිණිලි ලබා ගන්නා බවත් සමාජ මාධ්‍ය හරහා නොවන බවත් පොලිසිය පවසයි.

ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම්වලට හසු නොවන ලෙසත් ඔවුන්ගේ රහස්‍ය තොරතුරු හුවමාරු කරගන්නා ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම  මෙම වංචාවට ගොදුරු වූවන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ ක්ෂණික ඇමතුම් අංකය වන 109 හරහා දැනුම් දෙන ලෙස හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටී.

මෙන්න සුබ ආරංචියක්.- පළමු අදියර යටතේ මෙරටට ගෙන්වන වාහන සහ දින වකවානු ගැන ප්‍රකාශයක්.

මෙන්න සුබ ආරංචියක්.- පළමු අදියර යටතේ මෙරටට ගෙන්වන වාහන සහ දින වකවානු ගැන ප්‍රකාශයක්.

මෙන්න ලැබුණු අලුත්ම ආරංචිය - පාසල් දරුවන්ට HIV ඒඩ්ස් වැලදීමේ වැඩි අවධානමක්.

මෙන්න ලැබුණු අලුත්ම ආරංචිය - පාසල් දරුවන්ට HIV ඒඩ්ස් වැලදීමේ වැඩි අවධානමක්.

ජනාධිපති අනුර පයින් වැඩට යයි. - අමාත්‍යංශ නිලධාරීන් පුදුම කරමින් පයින්ම ගිහින් වැඩ භාරගත් හැටි.- (VIDEO)

ජනාධිපති අනුර පයින් වැඩට යයි. - අමාත්‍යංශ නිලධාරීන් පුදුම කරමින් පයින්ම ගිහින් වැඩ භාරගත් හැටි.- (VIDEO)



GalleryGallery
ReeCha