ජනපති අරමුදලෙන් මැති ඇමති පුත්තු සහ ඥාතීන් 72කට රට ශිෂ්‍යත්ව දුන් මගඩියක් එළියට

Sri Lanka Politician President of Sri lanka Anura Karunathilake Sinhala news gagana news
By Mithu Aug 07, 2025 02:19 AM GMT
Mithu

Mithu

Report

පසුගිය කාලයේ බොහෝ දෙනෙක්ගෙ කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ජනපති අරමුදල.ජනපති අරමුදල අවභාවිතා කළායැයි බොහෝ පුද්ගලයන්ට ඒ අතරතුර චෝදනා එල්ලල වුණා.

මේ කියන්න යන්නෙත් ඒ ආකාරයෙන් ජනපති අරමුදල භාවිතා කර සිදු කෙරූ තවත් මගඩියක් ගැන. ජනාධිපති අරමුදලෙන් පසුගිය කාලයේදී මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් 72කට වැඩි පිරිසකට රුපියල් කෝටි විස්සකට වැඩි වටිනා විදේශීය ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ගෙන් අසා තිබූ ප්‍රශ්නයකට ඇය වෙනුවෙන් පිළිතුරු ලබාදෙමිනි.ඒ අනුව,

* හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා, හර්ෂණ සුපුන් රාජකරුණා වෙනුවෙන් 2005 වර්ෂයේදීද,

* හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු අයි.එන් කොඩිතුවක්කු වෙනුවෙන් 2006 වර්ෂයේදීද ,

* පාර්ලිමේන්තු මන්ත්‍රී බී. රාධ ක්‍රිස්ණන් 2006 වර්ෂයේදී කේ. රාද ක්‍රිෂ්ණන් වෙනුවෙන්ද,

* දිනේෂ් දොඩන්ගොඩ 2006 වර්ෂයේද

*කේ.කේ පරණවිතාන 2006 වර්ෂයේදීද ජනාධිපති අරමුදලෙන් මෙසේ විදේශ ශිෂ්‍යත්ව ලබාගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය. ජනාධිපති අරමුදලෙන් හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යාධාර ලබාදීමට

* 2015 වර්ෂයේදී කෝටි හතකට වැඩි මුදලක්ද 2006 වර්ෂයේ දී කෝටි හයකට වැඩි මුදලක්ද

* 2007 වර්ෂයේ දී 42 දෙනෙකුට කෝටි තුනකට වැඩි මුදලක්ද

* 2008 වර්ෂයේ දී 18 දෙනෙකුට කෝටියකට වැඩි මුදලක්ද

* 2009 වර්ෂයේදී සිව් දෙනෙකුට ලක්ෂ තිහකට වැඩි මුදලක්ද

* 2010 වර්ෂයේ දී තුන්දෙනෙකුට ලක්ෂ තිහකට වැඩි මුදලක්ද

* 2011 වර්ෂයේදී දෙදෙනෙකුට ලක්ෂ දහයකට වැඩි මුදලක්ද

* 2012 වර්ෂයේදී දෙදෙනෙකුට ලක්ෂ තිහකට වැඩි මුදලක්ද

* 2014 වර්ෂයේ දී එක් කෙනෙකුට ලක්ෂ හතකට වැඩි මුදලක්ද මෙසේ වැය කර ඇති බව කර්මාතිලක පැවසීය.

ReeCha