අධික උණුසුමත් එක්ක ප්‍රංශයට මහා ලැව්ගිනි ව්‍යසනයක් - හෙක්ටයාර් 1,100ක් ගින්නට දැවෙයි

Report

නිරිතදිග ප්‍රංශයේ හටගත් නව ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර, හෙක්ටයාර් 1,100ක (අක්කර 2,700ක් පමණ) භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇතැයි බලධාරීහු සිකුරාදා ප්‍රකාශ කළහ.

මෙම ග්‍රීෂ්ම ඍතුවේදී නිරිතදිග ප්‍රංශය පුරා ලැව්ගිනි පැතිර ගොස් ඇති අතර, අධික උෂ්ණත්ව තත්ත්වයන් හේතුවෙන් වියළි වූ වනාන්තර ප්‍රදේශවල ගිනි වේගයෙන් පැතිර යමින් තිබේ.

නව ලැව්ගින්නක් බ්‍රහස්පතින්දා ලැන්ඩ්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර, මේ වන විට රටේ බොහෝ ප්‍රදේශ නව තාප තරංගයක බලපෑමට ලක්ව තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 500කට ආසන්න පිරිසක් යොදවා තිබේ.

“ඉදිරි පැය 15 තීරණාත්මක වනු ඇත,” යනුවෙන් ප්‍රාදේශීය බලධාරී ගිල් ක්ලාව්රූල් මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. ගිනි නිවන අංශ ප්‍රධානී ආර්නෝ ෆාබ්‍රේ පැවසුවේ ගින්න පැතිර යාම මන්දගාමී වී ඇති නමුත්, උෂ්ණත්වය යළි ඉහළ යාමත් සමඟ ගින්න නැවත පැතිර යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින බවයි.

යෝගා කරන 75 හැවිරිදි මිත්තණියගේ වැඩ දැකලා මිනිබිරියත් පුදුම වෙයි - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ ඇත්ත කතාව

යෝගා කරන 75 හැවිරිදි මිත්තණියගේ වැඩ දැකලා මිනිබිරියත් පුදුම වෙයි - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ ඇත්ත කතාව

සිකුරාදා දිනයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මධ්‍යම රාත්‍රිය පමණ වන විට, ගින්න ලුග්ලොන් නමැති කුඩා ගම්මානයේ සිට මීටර් සිය ගණනක් පමණ දුරින් පැවති බව වාර්තා විය.

එම ගම්මානය ලැන්ඩ්ස් ද ගැස්කොන් ස්වභාවික උද්‍යානයේ පයින් වනාන්තරයක් ආශ්‍රිතව පිහිටා තිබේ. ගින්න හේතුවෙන් මේ වන විට කිසිදු නිවසක් විනාශ වී නොමැත. සිකුරාදා උදෑසන වන විට ඝන දුමාරයක් හේතුවෙන් ගම්මානය පුරා පැහැදිලිව දැකගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි.

“අපි නිවාස ආරක්ෂා කළා. සියල්ල හොඳින් පාලනය කරගන්න හැකි වුණා,” යනුවෙන් ගිනි නිවන භටයෙක් එහි පදිංචිකරුවකුට පැවසීය. ප්‍රංශ බලධාරීන් මේ වන විටත් එරට පුරා, විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල ඇති වූ ලැව්ගිනි මාලාවෙන් සිදුවූ හානි පිළිබඳ තක්සේරු කරමින් සිටිති. එම ලැව්ගිනි අතර 1949 වසරෙන් පසු ගිරොන්ඩ් ප්‍රාන්තයේ ඇති වූ විශාලතම ලැව්ගින්න ද ඇතුළත් වේ. 

Stories, Reels පිරුණු Instagram එකට නැවුම් පෙනුමක්- දශකයකට පසු සන්නාම අනන්‍යතාවය වෙනස් කළ හැටි Meta සමාගම හෙළි කරයි

Stories, Reels පිරුණු Instagram එකට නැවුම් පෙනුමක්- දශකයකට පසු සන්නාම අනන්‍යතාවය වෙනස් කළ හැටි Meta සමාගම හෙළි කරයි