“ෆයිසර්” ආයතනයෙන් රටවල් 95 කට සුබ ආරංචියක්...ශ්‍රී ලංකාවත් ඒ අතරට.
Covid
Sri Lanka
World
Fpzer vaccines
By Aruna
කොවිඩ් මර්දනය සඳහා “ෆයිසර්” ආයතනය විසින් නිපදවන ලද කරල එක් එක් රටවල් තුළදීම නිපදවීමට එම ආයතනයෙන් අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 95 කදී එය නිෂ්පාදනය කිරීමට “ෆයිසර්” ආයතනය විසින් අවසර දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙමඟින් තමන් විසින් ලාභ ඉපැයීමකින් තොරව එක් එක් රටවලටම අදාළ කරල නිපදවා ගැනීමට ඉඩකඩ සැළසෙන බව “ෆයිසර්” ආයතනය නිවේදනය කර තිබෙනවා.
ලොව ජනගහණයෙන් සියයට 53 ක් පමණ මෙමඟින් ආවරණය වන අතර දිළිඳු රටවල් රැසකට එය ප්‍රතිලාභයක් වනු ඇති බවයි “ෆයිසර්” ආයතනය පෙන්වා දෙන්නේ.
කරල අලෙවියෙන් තමන් කිසිදු මුදලක් අපේක්ෂා නොකරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
කොවිඩ් මර්දනය සඳහා “ෆයිසර්” ආයතනය විසින් නිපදවන ලද පැක්ස්ලොවිඩ් නම් කරල සියයට 90 ක කාර්යක්ෂමතාවයකින් සමන්විතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
