මත් ද්‍රව්‍ය පානය හේතුවෙන් මේ අයගේ වැඩ තහනම්
මත්ද්‍රව්‍ය පානය කිරීමේ බරපතළ චෝදනාව මත ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන දෙකක සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකුගේ සේවය ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි වහාම තහනම් කිරීමට පියවර ගත් බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරුන් තිදෙනෙකු සහ අහුංගල්ල පොලිස් ස්ථානයේ සේවය කළ කොස්තාපල්වරයෙකි.
පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව මත්ද්‍රව්‍ය පානය කරන බවට පොලිස් උසස් නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන කණ්ඩායම් විසින් අම්බලන්ගොඩ, අහුංගල්ල, බෙන්තොට සහ ඇල්පිටිය යන පොලිස් ස්ථානවල සේවය කරන කොස්තාපල්වරුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් පසුව අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිල වශයෙන් තහවුරු කර ඇත්තේ මෙම කොස්තාපල්වරුන් හතර දෙනා නීතිවිරෝධී ලෙස ගංජා පානය කර ඇති බවයි.
එම වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මෙම නිලධාරීන් සිව්දෙනාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇත.