ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව යළි කැඳවයි

Report

පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද ප්‍රකට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ නඩුව අද දින ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

එහිදී නඩුවට අදාළ ප්‍රධාන සාක්ෂි විමසීම් කිහිපයක් සිදුකෙරුණු අතර ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන්ව තාවකාලිකව සාක්ෂි ලබාගැනීමේ ක්‍රියාවලියෙන් මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

1990 සේවකයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විරෝධයක්

1990 සේවකයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විරෝධයක්

මෙහිදී විශේෂයෙන්ම මෙම නඩුවේ සිව්වැනි සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීම කෙරෙහි අධිකරණයේ සුවිශේෂී අවධානය යොමුව තිබුණි.

එම සාක්ෂිකරුට මීට පෙර එල්ල වී තිබුණු විවිධ බලපෑම් සහ තර්ජන හේතුවෙන් ඔහු මුලින් ලබාදී තිබූ සාක්ෂිය වෙනස් කිරීමට සිදුව තිබූ අතර ඒ පිළිබඳව දැනටමත් ත්‍රිකුණාමලය අධිකරණය තුළ වෙනම නඩුවක් විභාග වෙමින් පවතී.

ඒ අනුව එම විමර්ශනවල පවතින ප්‍රගතිය සලකා බලා අදාළ සාක්ෂිය නැවත ලබා ගැනීමට අධිකරණයේ අවධානය යොමු විය.

මෙම නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන මානව හිමිකම් ක්‍රියාකාරිනී සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් නඩුවේ වත්මන් තත්ත්වය පැහැදිලි කළාය.

පොලීසියට හොර රහසින් මිහින්තලේ සැකකරුවන් දෙදෙනෙකු පනී

පොලීසියට හොර රහසින් මිහින්තලේ සැකකරුවන් දෙදෙනෙකු පනී

කරුණු සලකා බැලූ විශේෂ මහාධිකරණය මෙම නඩුව එළඹෙන ජූනි මස 19 වැනිදා යළි කැඳවීමට නියෝග කළ අතර එදිනට 14, 15, 95 සහ 96 යන සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස ද නියෝග කළේය.