ඇහැලියගොඩ OIC අත්අඩංගුවට- හේතුව මෙන්න

Report

මැණික් ගල් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට අයුතු බලපෑම් කර බලයෙන් ලබා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශණයකට අදාළව ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත .

ප්‍රධාන පොලිස් පරික්ෂකවරයකුද වන පොලිස් ස්ථානාධිපතිවරයා ඇහැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ

මැණික් පතලක මැණික් ගල් සොරකමක් සම්බන්ධව ඇහැලියගොඩ ප්‍රදේශයේ මැණික් පතල් හිමියකුගෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකෙරෙන පුද්ගලයකුට මෙම සැකකාර පොලිස් නිලධාරියා තනතුර භාවිතා කර අයුතු බලපෑම් කර ඇතැයි විමර්ශනවලදී හෙළිදරව් වී තිබෙන නිසා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත .

''ලබන සතියේ අපි අවශ්‍ය තීන්දු ගන්නවා'' බස් ගාස්තු ගැන ගැමුණුගෙන් රතු එළියක්

''ලබන සතියේ අපි අවශ්‍ය තීන්දු ගන්නවා'' බස් ගාස්තු ගැන ගැමුණුගෙන් රතු එළියක්