මලක් වගේ පුංචි සිගිත්තියගේ ජීවිතයම උදුරගත් මාරක අනතුර
තලාතුඔය, මයිලපිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්‍ෂයට පත්ව ඇත.
උඩුවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දෙකයි මාස දෙකක් වූ දැරියක් එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලිසිය සදහන් කර තිබේ.
තැන්නකුඹුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී එම අනතුර සිදුව ඇත.
පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියැදුරා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දැරිය හඟුරන්කෙත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුඩා දැරිය එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.
අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියැදුරු මේ වන විට තලාතුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.