1990 සේවකයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විරෝධයක්

Report

දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට කැපීපෙනෙන සේවාවක් ඉටුකරන 1990 සුව සැරිය ගිලන් රථ සේවාවේ නිලධාරීන් පිරිසක් අද දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විශේෂ විරෝධතාවයක නිරත වූහ.

සුව සැරිය සේවකයින් සඳහා ස්ථීර සේවා පත්වීම් කඩිනමින් ලබාදීම, වත්මන් ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය පිළිබඳව ඇතිවී තිබෙන දැඩි අර්බුදකාරී ගැටලු සහ ආයතනය තුළ පවතින තවත් පරිපාලනමය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම සේවකයින් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

විරෝධතාවය අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසුව, එහි පැමිණි සේවක නියෝජිතයන් කණ්ඩායමකට ජනාධිපති අතිරේක ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව හිමි වූ අතර එහිදී තම ගැටලුවලට සාධාරණ විසඳුම් ලැබෙනු ඇතැයි සේවකයෝ බලාපොරොත්තු පළ කරති.

විශේෂ නිවේදනයක් - මේ විදිහට කෝපි වැව්වොත් රුපියල් 840,000 ක නව රක්ෂණාවරණයක්

විශේෂ නිවේදනයක් - මේ විදිහට කෝපි වැව්වොත් රුපියල් 840,000 ක නව රක්ෂණාවරණයක්

දේශීය ආදායම් සංශෝධන පනත බලාත්මක වෙයි - මීට පස්සේ සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී TIN අංකය අනිවාර්යයි

දේශීය ආදායම් සංශෝධන පනත බලාත්මක වෙයි - මීට පස්සේ සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී TIN අංකය අනිවාර්යයි