අමාත්‍යාංශ ලේකම් 4 දෙනෙකුට පාර්ලිමේන්තු අනුමැතිය

Report

අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගේ පත්කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලැබී තිබේ.

රන් වලට යළි උණුසුමක්

රන් වලට යළි උණුසුමක්

මෙම අනුමතිය හිමිවූයේ පසුගිය ජූලි 09 වනදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා රැස්වීමේ දීය.

එහිදී, බලශක්ති අමාත්‍යාංශ ලේකම් ලෙස මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා පත්කිරීම, සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ලෙස කේ.එම්.ජී.එස්.එන්. කළුවැව මහතා පත්කිරීම සඳහා අනුමැතිය හිමිවිය.

රාජිතටත් වැඩ වරදී අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

රාජිතටත් වැඩ වරදී අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

එමෙන්ම, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ලෙස එස්.එම්. පියතිස්ස මහතා සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත්කිරීම සඳහාද කාරක සභාවේ අනුමතිය හිමිවූ බව සඳහන්ය.